Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!

22 minutes ago

වාහන ලියාපදිංචි අංක වෙනුවට පුද්ගල නාම හෝ ව්‍යාපාර නාම ප්‍රදර්ශනය කළ හැකි විශේෂ අංක තහඩු හඳුන්වාදීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ මෑතකදී පැවති රැස්වීමකදී මෙම යෝජනාව සාකච්ඡා කර ඇති අතර, එම රැස්වීම ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

යෝජනාව අනුව, වාහන හිමිකරුවන්ට සාම්ප්‍රදායික ලියාපදිංචි අංකය වෙනුවට තමන්ගේ නමක් හෝ ව්‍යාපාරයේ නමක් සහිත අංක තහඩු ලබාගැනීමට අවස්ථාව සැලසීම පිළිබඳව සලකා බැලේ.

එමෙන්ම, රජයට අමතර ආදායමක් උපයාගැනීමේ අරමුණින් විශේෂ වාහන ලියාපදිංචි අංක හඳුන්වාදීමේ හැකියාවද සාකච්ඡාවට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමට පෙර ඒවායේ තාක්ෂණික, නීතිමය සහ ආරක්ෂක බලපෑම් පිළිබඳව පුළුල් ඇගයීමක් සිදුකළ යුතු බව නිලධාරීන් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතිය නවීකරණය කිරීම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් වැඩිදියුණු කිරීමේ පුළුල් වැඩපිළිවෙළක කොටසක් ලෙස මෙම සාකච්ඡා සිදුකර තිබේ.

කෙසේ වෙතත්, පුද්ගලික නාම සහිත අංක තහඩු හඳුන්වාදෙන දිනයක් හෝ ඒ සඳහා අය කිරීමට නියමිත ගාස්තු පිළිබඳව මෙතෙක් නිවේදනය කර නොමැත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *