දිවයිනේ බොහෝ ප්රදේශවල අද (18) පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන් සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලත්, පොලොන්නරුව, ත්රිකුණාමලය සහ මුලතිව් දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැක.
පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්රික්කවල වෙරළබඩ ප්රදේශවලට උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය
කිරිඳිවැල සිනමා ශාලාවක් තුළ තිබී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනේ
තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය අද! ශ්රී ලංකාව පාකිස්ථානය සමඟ තරග බිමට!
බලංගොඩ කස්සප හිමිට කිසිදු පහරදීමක් සිදුවී නැහැ.. දැඩිව නීතිය ක්රියාත්මක කරනවා.. – පොලිස් මාධ්ය ප්රකාශක
පවතින ගෑස් හිඟය නිමවන දිනය
ප්රංශයේ දැවැන්ත විරෝධතා! 1,200කට වැඩි පිරිසක් අත්අඩංගුවට!
මහේල ජයවර්ධන මුම්බායි පිලට සමුදෙයි
ඩෙංගු ව්යාප්ත වීමේ අවදානමක්
ශ්රී ලංකා රග්බි පිල තියුණු ජයක් ලබයි
සත්යග්රහයේ නිරතව සිටි පූජ්ය බලංගොඩ කස්සප හිමි රෝහල් ගත කරයි
ඔයාගේ වාහනේ අංක තහඩුවට තාමත් නම දාගත්තේ නැද්ද?ඔයාගෙ නම දාගන්න ආකාරය මෙන්න!
ප.ව. 1.00 න් පසු වැසි වැටෙන ප්රදේශ