Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

26 minutes ago

ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනැඟීම සඳහා රාජ්‍ය සේවය ආකර්ෂණීය සේවයක් බවට පත් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මිනින්දෝරු සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, වර්තමානයේ රාජ්‍ය සේවය වෘත්තීයවේදීන් රඳවා ගැනීමට තරම් ආකර්ෂණීය නොවන බවයි.

අතීතයේදී පෞද්ගලික අංශයට වඩා රාජ්‍ය අංශයේ රැකියා සඳහා වැඩි කැමැත්තක් පැවතියද, වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇති බවද ඔහු සඳහන් කළා. මේ හේතුවෙන් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන්, කළමනාකරුවන් ඇතුළු වෘත්තීයවේදීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ගැටලු මතුව ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව, රාජ්‍ය සේවය ආකර්ෂණීය කිරීමේ අරමුණින් 2025 වසරේ අයවැය මඟින් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප් වැඩි කිරීමට රජය තීරණය කළ බවත්, එම වැඩිවීම 2025, 2026 සහ 2027 වසරවලදී අදියර තුනකින් ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

2024 වසරට සාපේක්ෂව 2027 වසර වන විට මෙම වැටුප් වැඩිවීම් සඳහා රුපියල් කෝටි 33,000ක පමණ අමතර වියදමක් දැරීමට සිදුවන බවද ඔහු සඳහන් කළා.

එමෙන්ම, 2028 වසරේදී නව මූලික වැටුප් වැඩිවීමක් සිදු නොවන බැවින්, රාජ්‍ය සේවකයන්ගේ දීමනා සම්බන්ධයෙන් පුළුල් ලෙස සලකා බැලීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *