අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීම් පළ කර සූම් තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ
අධ්‍යාපන කටයුතු සිදු කරන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් නුගේගොඩ ප්‍රදේශයේ නිවාස
සංකීර්ණයක පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකුණන ගණිකා මධ්‍යස්ථානයක් පොලිසිය
විසින් වටලා තිබෙනවා.
පසුගිය 19 වැනි දා මෙම ගණිකා නිවාසය වටලා එහි සේවයේ යෙදී සිටි කාන්තාවන් දෙදෙනකු
සමඟ ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ සහ මෙවලම් කිහිපයක් සොයා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකි වූ බව යි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා විසින් මෙම ස්ථානයේ දී සේවා ලබා ගැනීමට
පැමිණෙන පුද්ගලයන් සඳහා ලබා දෙන සේවාවන් පිළිබඳ අන්තර්ජාලයේ පළ කරන වෙළෙඳ
දැන්වීමේ ඉතා දීර්ඝ විස්තරයක් සිදු කර ඇති බවත් නුගේගොඩ හා තදාසන්න ප්‍රදේශවල
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනුම ලබන පාසල් සිසුන් අන්තර්ජාලය ඔස්සේ මෙම වෙළෙඳ
දැන්වීම් නරඹා මෙම කාන්තාවන්ගේ ඇසුර ලබා ගැනීම සඳහා පැමිණ ඇති බවත් විමර්ශනවල දී
අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 45 සහ 43 වැනි වියේ පසු වන මිනුවන්ගොඩ හා මතුගම
යන ප්‍රදේශයන්හි පදිංචිකාරිනියන්.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් පොලිස් උකුසු ඇසෙන් මිදී මෙම
ස්ථානයේ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව
සඳහන්.

වෙබ් සංස්කාරකවරුන්ගේ සිට වේශ නිරූපණ ශිල්පීන් දක්වා පොලිසියේ රැකියා අවස්ථා! නවතම රැකියා අවස්ථා මෙන්න!
දෙහිවල නිසල සෙවණේ ආරක්ෂක නිලධාරියාට වෙඩි තියා ඇත්තේ ලක්ෂ දෙකක කොන්ත්‍රාත්තුවකට?
සියලුම බස් රථ වලට පැනවූ අලුත්ම නීතිය
ජනපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව අතර හමුවක්
මගේ පුතාට තියෙන චෝදනාවලට කිසිම සාක්ෂියක් නැහැ – ශාන්ත බණ්ඩාර
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය
දෙවිනුවර පෙරහැරේ කාවඩි නර්තනයට අවසර
අග්රභාර රක්ෂණ භාර අරමුදලෙන් නිවේදනයක්
RMV හිටපු කළමනාකරණ සේවා නිලධාරියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
රොෂාන් ධම්මික මීටර් 110 කඩුලු ඉසව්වේ අවසන් තරගයට
රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්
මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි