අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීම් පළ කර සූම් තාක්ෂණය ඔස්සේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ
අධ්‍යාපන කටයුතු සිදු කරන පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් නුගේගොඩ ප්‍රදේශයේ නිවාස
සංකීර්ණයක පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට විකුණන ගණිකා මධ්‍යස්ථානයක් පොලිසිය
විසින් වටලා තිබෙනවා.
පසුගිය 19 වැනි දා මෙම ගණිකා නිවාසය වටලා එහි සේවයේ යෙදී සිටි කාන්තාවන් දෙදෙනකු
සමඟ ලිංගික කටයුතු සඳහා යොදා ගන්නා උපකරණ සහ මෙවලම් කිහිපයක් සොයා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට හැකි වූ බව යි පොලිසිය පවසන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා විසින් මෙම ස්ථානයේ දී සේවා ලබා ගැනීමට
පැමිණෙන පුද්ගලයන් සඳහා ලබා දෙන සේවාවන් පිළිබඳ අන්තර්ජාලයේ පළ කරන වෙළෙඳ
දැන්වීමේ ඉතා දීර්ඝ විස්තරයක් සිදු කර ඇති බවත් නුගේගොඩ හා තදාසන්න ප්‍රදේශවල
සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉගෙනුම ලබන පාසල් සිසුන් අන්තර්ජාලය ඔස්සේ මෙම වෙළෙඳ
දැන්වීම් නරඹා මෙම කාන්තාවන්ගේ ඇසුර ලබා ගැනීම සඳහා පැමිණ ඇති බවත් විමර්ශනවල දී
අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 45 සහ 43 වැනි වියේ පසු වන මිනුවන්ගොඩ හා මතුගම
යන ප්‍රදේශයන්හි පදිංචිකාරිනියන්.
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ඉතා සූක්ෂ්ම ආකාරයෙන් පොලිස් උකුසු ඇසෙන් මිදී මෙම
ස්ථානයේ ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව
සඳහන්.

කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්‍යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්