Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්

1 day ago

දිවයින පුරා පවතින ගුරු පුරප්පාඩු 23,006ක් පිරවීම සඳහා පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව එහි පළමු අදියර යටතේ අයැදුම්කරුවන් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.

ලබන නොවැම්බර් මාසයේදී මෙම සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බව ඔහු සඳහන් කළා.

එක් අයැදුම්කරුවෙකුට පළාත් හා ජාතික මට්ටමින් විෂයයන් හතරක් දක්වා අවස්ථා අටකට සුදුසුකම් ලැබීමේ හැකියාව පැවතීම සහ සමහර විෂයයන් සඳහා ප්‍රමාණවත් පිරිසක් සමත්ව නොමැති වීම හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ වට කිහිපයක් පැවැත්වීමට සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් මෙම වසර අවසන් වීමට පෙර හෝ ලබන වසර මුලදී සම්පූර්ණ බඳවා ගැනීමේ ක්‍රියාවලිය අවසන් කිරීම රජයේ අපේක්ෂාව බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ගුරුවරුන්ගේ ගමන් පහසුව සලකා හැකිතාක් පදිංචි ප්‍රදේශයට ආසන්න පාසල් ලබාදීමට උත්සාහ කරන බව ප්‍රකාශ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා නව පත්වීම් ලබන සියලුම දෙනා ස්ථාන මාරුවීම් ලැබීමට පෙර වසර පහක කාලයක් අදාළ පාසලේ අනිවාර්ය සේවය සම්පූර්ණ කළ යුතු බවද අවධාරණය කළා.

මීට අමතරව ගුරුවරුන්ගේ සියලු තොරතුරු සේවා කාලය සහ සේවා ස්ථාන ඇතුළත් ‘නෙමිස්’ (NEMIS) මධ්‍යගත දත්ත පද්ධතියක් සකස් කරමින් පවතින බවත් ඉදිරියේදී ගුරුවරුන් පාසල් වෙත ස්ථානගත කිරීමේදී එම දත්ත පද්ධතිය උපයෝගී කරගැනීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *