Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හැරී බෲක්ගේ විවේචනයට මැතිව්ස්ගෙන් ප්‍රහාරයක්

2 weeks ago

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති දෙවන එක්දින තරගයේ තණතිල්ල තමා ක්‍රීඩා කළ “නරකම තණතිල්ල” ලෙස එංගලන්ත නායක හැරී බෲක් කළ ප්‍රකාශය දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තණතිලි විනිශ්චය කිරීමේදී ද්විත්ව ප්‍රමිතියක් පවතින බවයි.

එංගලන්තය හෝ ඕස්ට්‍රේලියාව වැනි රටවල පන්දු යවන්නන්ට වාසිදායක ලෙස තණකොළ සහිත වේගවත් තණතිලි සකස් කළ විට ඒවා “ක්‍රීඩාශීලී” (Sporting) තණතිලි ලෙස හඳුන්වන බවයි මැතිව්ස් පවසන්නේ.

නමුත් ආසියානු කලාපයේ දඟපන්දු යවන්නන්ට වාසිදායක තණතිලි සකස් කළ විට ඒවා “නරක” (Poor) තණතිලි ලෙස හැඳින්වීම අසාධාරණ බව ඔහු පෙන්වා දෙනවා.

මැතිව්ස් පවසන පරිදි නරක තණතිල්ලක් යනු පිතිකරුවන්ට ශාරීරික අනතුරු සිදු විය හැකි ආකාරයේ (Inconsistent bounce) සහිත අනතුරුදායක තණතිලි මිස, දඟපන්දුවට සහය දක්වන තණතිලි නොවේ.

ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ද බෲක්ගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා.

කණ්ඩායම් දෙකම එක්ව එම තණතිල්ලේ ලකුණු 440කට වඩා ලබාගෙන ඇති බැවින් එය නරක තණතිල්ලක් ලෙස හැඳින්විය නොහැකි බව ඔහු පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *