බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (10) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ශ්‍රී ලංකාවේ නව ආර්ථික වැඩපිළිවෙළ මෙන්ම, මත්ද්‍රව්‍ය හා දූෂණයට එරෙහිව රජය ගෙන යන ක්‍රියාමාර්ග උතුමාණන්ගේ ඇගයීමට ලක් විය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමාගේ මෙරට සංචාරය පිළිබඳ සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වෙසෙන බෝරා ප්‍රජාව සහ අනෙකුත් ප්‍රජාවන් අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව මෙන්ම බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය පිළිබඳව මෙම හමුවේදී බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමා විසින් ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අතරමගදී දිවි අහිමි වෙයි
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් Low-floor A/C බස්
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල ගාස්තු ඉහළට
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානය
ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු අත්අඩංගුවට
වනිඳුගේ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව නිකුත් වෙයි! ගත් තීරණය මෙන්න!
ළඟදීම රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරුවලට වෙනසක්
මාළු මිල ඉහළ යන ලකුණු
ටිල්වින්, ගුජරාටයේ මහ ඇමති හමුවෙයි
සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට අනුමැතිය
බළලෙකුට කැත වැඩක් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට
2019 අගෝස්තු මාසයට පෙර ලබා ගන්නා ලද SIM කාඩ්පත් ඇති අයට දැනුම්දීමක්