ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සභාපතිවරයාගේ පරිහරණය සඳහා රජයේ වාහන දෙකක් යොදවා තිබියදී එම මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති මහනුවර උතුර පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් මුදලින්, ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) වර්ගයේ SUV ජිප් රථයක් කුලී පදනම මත ලබාගෙන ඇති බව සඳහන් වේ.
එමෙන්ම එම වාහනය කුමන කටයුත්තක් සඳහා ධාවනය කලාද යන්න පිළිබඳව ද තහවුරු කර ගැනීමකින් තොරව, කුළි මුදල් වශයෙන් රුපියල් 12,750,000.00 ක පමණ මුදලක් ජී.ඒන් ඔටෝ හොල්ඩින් නැමති ආයතන වෙත ගෙවා තිබේ.
මීට අමතරව අදාළ ආයතනයෙන් එම වහනය සපයා ගැනීම සඳහා සැකකරු විසින් ප්‍රසම්පාදන රිතී නොසලකා හරිමින් කටයුතු කර එම ආයතනය වෙත කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ද කටයුතු කර ඇති බව හෙළි වී ඇත.
සැකකරු විසින් අදාළ වාහනය නිසි ලෙස භාර ගැනීමක් සිදුකර නොමැති අතර, ඒ සඳහා මුදල් ගෙවීමෙන් සැපයුම්කරුට අයුතු වාසියක් ද සිදුකර ඇති බව සඳහන් වේ.
ඒ අනුව, දුෂණය නම් වරද සහ දුෂණය නැමැති වරද සිදුකිරීමට කුමන්ත්‍රණය කිරීම යන වරද සැකකරු විසින් සිදුකර ඇති අතර, එම ආයතනයට මුදල් ගෙවීමට කටයුතු කිරීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අතරමගදී දිවි අහිමි වෙයි
ජනපති සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමන් අතර හමුවක්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් Low-floor A/C බස්
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල ගාස්තු ඉහළට
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානය
වනිඳුගේ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව නිකුත් වෙයි! ගත් තීරණය මෙන්න!
ළඟදීම රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරුවලට වෙනසක්
මාළු මිල ඉහළ යන ලකුණු
ටිල්වින්, ගුජරාටයේ මහ ඇමති හමුවෙයි
සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට අනුමැතිය
බළලෙකුට කැත වැඩක් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට
2019 අගෝස්තු මාසයට පෙර ලබා ගන්නා ලද SIM කාඩ්පත් ඇති අයට දැනුම්දීමක්