Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අතරමගදී දිවි අහිමි වෙයි

3 minutes ago

ඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේදී ඊයේ (09) සවස සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක්, ප්‍රතිවිරුද්ධ දෙසින් එනම් දඹුල්ල දෙසින් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සීගිරිය පොලිසිය පවසයි.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල, රත්මල්ගහ ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි සිසුවෙකු සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයින් දෙදෙනාය.

මියගිය 19 හැවිරිදි තරුණයා, මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවෙකි.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මොවුන් දෙදෙනා ඊයේ පස්වරු 6:30ට පමණ දඹුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගියෙකු බැලීම සඳහා යතුරුපැදියෙන් යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *