පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට ආබාධයක් හේතුවෙන් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.
අයර්ලන්තය සමඟ පැවති පළමු තරගයේදී වනිඳු මෙම ආබාධයට ලක්ව ඇති අතර, ඊයේ (09) දිනයේදී ඔහු MRI පරීක්ෂණයකට ද මුහුණ දී ඇත.
එම පරීක්ෂණ වාර්තාවලට අනුව ඔහුගේ ආබාධ තත්ත්වය සුව වීමට තවදුරටත් කල්ගත වන බැවින්, ඔහුව තරගාවලියෙන් ඉවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.
වනිඳු හසරංග වෙනුවට බොහෝ දුරට දුෂාන් හේමන්තව කණ්ඩායමට කැඳවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරගය එළැඹෙන 12 වැනිදා ඕමානය සමඟ පැවැත්වීමට නියමිතය

රෝගියෙක් බලන්න ගිය තරුණයින් දෙදෙනෙකුට අතරමගදී දිවි අහිමි වෙයි
ජනපති සහ බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකතුමන් අතර හමුවක්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් වෙනුවෙන් Low-floor A/C බස්
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට එන ගුවන් ටිකට්පත්වල ගාස්තු ඉහළට
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන ස්ථානය
ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරිවරයෙකු අත්අඩංගුවට
ළඟදීම රාජ්‍ය ආයතන රැසක ඉහළ තනතුරුවලට වෙනසක්
මාළු මිල ඉහළ යන ලකුණු
ටිල්වින්, ගුජරාටයේ මහ ඇමති හමුවෙයි
සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතට අනුමැතිය
බළලෙකුට කැත වැඩක් කළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අත්අඩංගුවට
2019 අගෝස්තු මාසයට පෙර ලබා ගන්නා ලද SIM කාඩ්පත් ඇති අයට දැනුම්දීමක්