Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

3 weeks ago

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152කින් සම්මත විය. ඒ අනුව 1977 සිට ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ක්‍රමය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇත.

අද පෙරවරු 11.30 සිට පැවැති විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 02ක් පමණි.

මෙම පනතේ 3 වන වගන්තියට අනුව, පනත බලාත්මක වන දිනට පෙර විශ්‍රාම වැටුප් ලබමින් සිටි හෝ ඊට හිමිකම් ඇති සියලුම හිටපු මන්ත්‍රීවරුන්ට මින් ඉදිරියට එම වැටුප ලැබීම නතර වේ.

කාරක සභා අවස්ථාවේදී මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරුන් පනතේ වගන්ති සඳහා සංශෝධන ඉදිරිපත් කළද, රජය ඒවා පිළි නොගත් අතර ඡන්ද විමසීමේදී එම සංශෝධන පරාජයට පත් විය.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දිනම පනතට සිය සහතිකය සටහන් කළ අතර, ඒ අනුව මෙය ‘2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත’ ලෙස බලාත්මක වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *