පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152කින් සම්මත විය. ඒ අනුව 1977 සිට ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ක්‍රමය මින් ඉදිරියට සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇත.
අද පෙරවරු 11.30 සිට පැවැති විවාදයෙන් අනතුරුව පැවැති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 02ක් පමණි.
මෙම පනතේ 3 වන වගන්තියට අනුව, පනත බලාත්මක වන දිනට පෙර විශ්‍රාම වැටුප් ලබමින් සිටි හෝ ඊට හිමිකම් ඇති සියලුම හිටපු මන්ත්‍රීවරුන්ට මින් ඉදිරියට එම වැටුප ලැබීම නතර වේ.
කාරක සභා අවස්ථාවේදී මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරුන් පනතේ වගන්ති සඳහා සංශෝධන ඉදිරිපත් කළද, රජය ඒවා පිළි නොගත් අතර ඡන්ද විමසීමේදී එම සංශෝධන පරාජයට පත් විය.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද දිනම පනතට සිය සහතිකය සටහන් කළ අතර, ඒ අනුව මෙය ‘2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත’ ලෙස බලාත්මක වේ.

කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් තුවාල ලැබූ ළමුන් සංඛ්යාව 10 දක්වා ඉහළට
ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්