Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ජනපතිට ලිපියක්! රජයේ නව තීරණයට කනස්සල්ල පළ කරයි!

7 minutes ago

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් මහත්මිය ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් සිය කනස්සල්ල පළ කර තිබේ.

මෙම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළහොත් අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය ද අඩපණ විය හැකි බවට ඇය එම ලිපියෙන් අනතුරු අඟවයි.

දැනට සේවයේ නිරත විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම තුළින් විධායකයට සහ ව්‍යවස්ථාදායකයට අධිකරණය වෙත අනිසි බලපෑම් කිරීමට ඉඩකඩ සැලසෙන බව පෙන්වා දෙන විශේෂ නියෝජිතවරිය, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි සුදුසු ආරක්ෂණ ක්‍රමවේද සහිතව, විනිවිද පෙනෙන සහ සියලු පාර්ශ්ව ඇතුළත් උපදේශාත්මක යුක්ති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් හරහා පමණක් විශ්‍රාම යාමේ වයසේ යම් වෙනසක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නී ය.

එමෙන්ම මෙම යෝජිත සංශෝධනය, එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 14(1) වගන්තියට මෙන්ම අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට ද පටහැණි වීමේ දැඩි අවදානමක් පවතින බව විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *