Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගම්පහදී අණ නොතකා ගිය වෑන් රථයකට පොලිසිය තැබූ වෙඩි තැබීමේ තවත් තොරතුරු රැසක්

21 minutes ago

ගම්පහ, අස්ගිරිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසිය විසින් ඊයේ (12) රාත්‍රියේදී වෙඩි තබා තිබේ.

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයෙන් ලද තොරතුරකට අනුව වෑන් රථයකින් ගම්පහ ප්‍රදේශයට මත්ද්‍රව්‍ය බෙදා හරින ලද බවට පූර්ව අනාවරණයකට අනුව වැලිවේරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව අදාළ වෑන් රථය ගම්පහ උඩුගම්පොල දෙසට ගමන් ගන්නා බවට තොරතුරු තහවුරු කර ගත් පොලිස් නිලධාරීන් විසින් ජීප් රථයෙන් අදාළ වෑන් රථය සූක්ෂමව හඹාගොස් තිබේ.

එහිදී පොලිස් නිලධාරීන් තමා පසුපස හඹා එන බව නොදත් වෑන් රථයේ රියදුරු උඩුගම්පොල මාර්ගයේ මල්වත්ත හන්දිය ප්‍රදේශයේදී වෑන් රථය මාර්ගය අසල නවතා ඇති අතර එහිදී පොලිස් නිලධාරීන් ජීප් රථයෙන් බැස වෑන් රථය පරීක්ෂා කිරීමට තැත් කර ඇත.

එහිදී වෑන් රථයේ රියදුරු මාර්ගයේ ගමන් ගත් වාහන කිහිපයක් අනතුරට පත් කරමින් වෑන් රථය ක්ෂණිකව කිහිප අවස්ථාවක් පසුපසට හා ඉදිරියට ධාවනය කර නැවත පොලිස් ජීප් රථයද හප්පා නිලධාරීන්ද අනතුරට ලක් කර පලා යාමට තැත් කර ඇත.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් වෑන් රථය දෙසට වෙඩි තැබීමක් සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් වෑන් රථයේ රියදුරුද තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ රියදුරු පොලිස් ආරක්ෂාව යටතේ ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමටද පියවර ගෙන ඇත.

අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී වෑන් රථය තුළ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 9ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *