Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවි කළ ආයතනයකට ලක්ෂ 3ක දඩයක්

6 minutes ago

කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේපන සහ මිල සඳහන් නොකළ සුවඳ විලවුන් මෙන්ම අවශ්‍ය තොරතුරු රහිත ආලේපන තොගයක් අලෙවි කළ බොරැල්ලේ පිහිටි ආයතනයකට රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් නියම කර තිබේ.

අදාළ ආයතනයට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් චෝදනා තුනකට අදාළව පැවරූ නඩුවකට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 5) හමුවේ අදාළ ආයතනයට එරෙහිව මෙම දඩ මුදල නියම කර ඇත.

පසුගිය අගෝස්තු මස 18 වැනි දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ සම්බන්ධව වැටලීමක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ආයතනය උපරිම සිල්ලර මිල සඳහන් නොකර සුවඳ විලවුන් අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආලේපන අලෙවියට තැබීම, අවශ්‍ය තොරතුරු රහිතව කල් ඉකුත් වූ ආලේපන අලෙවියට තබා ඇති බවය.

ඒ අනුව මීට අදාළව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ ආයතනයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව අදාළ ආයතනය මෙම චෝදනා සම්බන්ධව අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

ඒ අනුව අදාළ සමාගමට එරෙහිව රුපියල් ලක්ෂ 3ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *