Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රු. 100ට වතුර බෝතලයක් විකිණූ ආපනශාලාවට ලක්ෂ 5ක දඩයක්

54 seconds ago

රුපියල් 70ක උපරිම සිල්ලර මිලක් නියම කර තිබූ මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක් රුපියල් 100කට අලෙවි කළ හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් එම සමාගමට එරෙහිව හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණේ නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන්.

2025 දෙසැම්බර් 11 වනදා සිදුකළ වැටලීමේදී මෙම මිල ඉක්මවා අලෙවි කිරීම අනාවරණය වී තිබුණා.

එවකට බලපැවැත්වූ අංක 2430/15 දරන ගැසට් නිවේදනය අනුව මිලිලීටර් 500ක දේශීයව බෝතල් කළ පානීය ජල බෝතලයක උපරිම සිල්ලර මිල රුපියල් 70ක් ලෙස නියම කර තිබූ අතර අදාළ නඩුව පසුගිය 10 වනදා හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී චෝදනාවට වරද පිළිගත් විත්තිකාර සමාගමට රුපියල් 500,000ක දඩයක් නියම කර තිබෙනවා.

මේ අතර, මේ වන විට බලපැවැත්වෙන 2026 ජුනි 10 දිනැති අංක 2492/29 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව මිලිලීටර් 500 සිට 999 දක්වා දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 80ක් ලෙස නියම කර ඇති බව සඳහන්.

නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් හෝ වෙනත් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන පිළිබඳ තොරතුරු 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *