Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට අදාළව අධිකරණයෙන් දුන් නියෝගය

1 minute ago

මියගිය ‘කාවන්තිස්ස’ හස්තියාගේ මරණයට හේතු සහිත පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පශු වෛද්‍ය නිලධාරීන්ටත්, මරණය ගැන විධිමත් විමර්ශනයක් කරන ලෙස මීගලෑව අඩවි ආරක්ෂක ඩබ්. වීරකෝන් ඇතුළු නිලධාරීන්ටත් ගල්ගමුව වැඩබලන මහේස්ත්‍රාත් කාංචනා හතුරුසිංහ මහත්මිය නියෝග කර තිබේ.

කාවන්තිස්ස හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ සිදු කෙරුණු අතර, මරණයට නිශ්චිත හේතුව අනාවරණය කර ගැනීමේ වැඩිදුර පරීක්ෂණ වෙනුවෙන් හස්තියාගේ ශරීර කොටස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය වෙත රැගෙන ගොස් ඇත.

ඉදිරියේදී ඇත්දළ යුගළ යළි ලබා ගැනීමට හැකි වන පරිදි මළ සිරුර වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ආරක්ෂිතව භූමදානය කරන ලෙසත්, එම ස්ථානයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසත් අධිකරණය විසින් මීගලෑව වනජීවී අඩවි ආරක්ෂකවරයා වෙත නියෝග කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *