දිවයින පුරා පවතින ගුරු පුරප්පාඩු 23,006ක් පිරවීම සඳහා පැවති තරග විභාගයේ ප්රතිඵල මත පදනම්ව එහි පළමු අදියර යටතේ අයැදුම්කරුවන් 17,000ක් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බව අධ්යාපන නියෝජ්ය අමාත්ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.
ලබන නොවැම්බර් මාසයේදී මෙම සම්මුඛ පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බව ඔහු සඳහන් කළා.
එක් අයැදුම්කරුවෙකුට පළාත් හා ජාතික මට්ටමින් විෂයයන් හතරක් දක්වා අවස්ථා අටකට සුදුසුකම් ලැබීමේ හැකියාව පැවතීම සහ සමහර විෂයයන් සඳහා ප්රමාණවත් පිරිසක් සමත්ව නොමැති වීම හේතුවෙන් සම්මුඛ පරීක්ෂණ වට කිහිපයක් පැවැත්වීමට සිදුවන බව නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් මෙම වසර අවසන් වීමට පෙර හෝ ලබන වසර මුලදී සම්පූර්ණ බඳවා ගැනීමේ ක්රියාවලිය අවසන් කිරීම රජයේ අපේක්ෂාව බවද නියෝජ්ය අමාත්යවරයා පෙන්වා දුන්නා.
ගුරුවරුන්ගේ ගමන් පහසුව සලකා හැකිතාක් පදිංචි ප්රදේශයට ආසන්න පාසල් ලබාදීමට උත්සාහ කරන බව ප්රකාශ කළ නියෝජ්ය අමාත්යවරයා නව පත්වීම් ලබන සියලුම දෙනා ස්ථාන මාරුවීම් ලැබීමට පෙර වසර පහක කාලයක් අදාළ පාසලේ අනිවාර්ය සේවය සම්පූර්ණ කළ යුතු බවද අවධාරණය කළා.
මීට අමතරව ගුරුවරුන්ගේ සියලු තොරතුරු සේවා කාලය සහ සේවා ස්ථාන ඇතුළත් ‘නෙමිස්’ (NEMIS) මධ්යගත දත්ත පද්ධතියක් සකස් කරමින් පවතින බවත් ඉදිරියේදී ගුරුවරුන් පාසල් වෙත ස්ථානගත කිරීමේදී එම දත්ත පද්ධතිය උපයෝගී කරගැනීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්ය අමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියා.

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි