ආපදා කළමනාකරණ මධ්යස්ථානයට අයත් සුඛෝපභෝගී වාහනයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ නියෝගය අනුව, හිටපු අමාත්ය ඒ.එච්.එම්. ෆවුසි විසින් පුවත්පත් දැන්වීමක් පළ කරමින් ශ්රී ලංකික ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා.
තීන්දුවට යටත්ව අදාළ කටයුතු සිදු කරමින් හිටපු අමාත්යවරයා මෙම ප්රසිද්ධ සමාව අයැදීම සිදු කර ඇති අතර, ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙත පැවරී තිබූ WP KI-4666 දරන ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය සිය පෞද්ගලික ප්රයෝජනය සඳහා අවභාවිත කිරීම මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කරනු ලැබුවා.
එමෙන්ම, ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 66 ක මුදලක් වන්දි වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙසද ශ්රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා නියෝග කරනු ලැබූ අතර, අදාළ අධිකරණ නියෝගය හා නඩු තීන්දුවට අනුකූලව හිටපු අමාත්යවරයා මෙලෙස පුවත්පත් දැන්වීමක් මඟින් ප්රසිද්ධියේ සමාව ඉල්ලා සිටීමට පියවර ගෙන තිබෙනවා.

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි