Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්‍රවාහන බලපත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කෙරේ

3 hours ago

චාරිකා බලපත්‍රයක් ද නොමැතිව ධාවනය කර අනතුරට ලක්වූ බස් රථයේ මගී ප්‍රවාහන බලපත්‍රය වහාම අහෝසි කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.

කොට්ටාව ප්‍රදේශයේ සිට උපකාරක පන්ති ළමුන් 41 දෙනෙකු, ගුරුවරුන් 14 දෙනෙකු සහ දෙමාපියන් 6 දෙනෙකු රැගෙන පැමිණි බස් රථය, කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරයට පිවිසෙන දුම්රිය හරස් මාර්ගයේදී බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඊයේ (25) පස්වරුවේ මෙම අනතුර සිදුවිය.

අනතුරින් සිසුන් ඇතුළු 13 දෙනෙකු තුවාල ලබා උණවටුන සහ ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධියට අදාළ බස් රථයේ රියදුරු සහ රිය සහයක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *