Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔර්නබ් බලපෑමෙන් දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්

2 hours ago

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය පුත්තලම දිස්ත්‍රික්කයේ කරන්දිපෝවල් ප්‍රදේශයෙන් මිලිමීටර් 195.7ක් ලෙස වාර්තා වී තිබේ.

කුලියාපිටිය ප්‍රදේශයෙන් මිලිමීටර් 193.0ක සහ ඉලුප්පයිකඩවෙයි ප්‍රදේශයෙන් මිලිමීටර් 187.5ක වර්ෂාපතනයක් ලෙස දැවැන්ත වර්ෂාපතන වාර්තා වී ඇත.

බෙංගාල බොක්කේ බටහිර-මධ්‍යම ප්‍රදේශයේ ‘ඔර්නබ්’ (Ornab) සුළි කුණාටුව වර්ධනය වෙමින් පවතින අතර, එය ශ්‍රී ලංකාවට වක්‍රාකාරව බලපෑම් ඇති කරමින් පවතී.

මෙම තත්ත්වය යටතේ උතුරු, බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද ඉදිරියටත් තද වැසි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *