Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්

18 minutes ago

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ වාන් දොරටු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් පූර්ව දැනුම්දීමක් නිකුත් කර තිබේ.

අද දින (26) මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද මෙම නිවේදනයට අනුව, ජලාශයේ වත්මන් තත්ත්වය පහත පරිදි වේ.

ඉදිරියට ලැබෙන වර්ෂාපතනයත් සමඟ ජලාශයට ලැබෙන ජල ධාරිතාව සීග්‍රයෙන් ඉහළ යා හැකි බැවින්, පහත ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස අවධාරණය කරයි.

කොත්මලා ඔය ආශ්‍රිතව – නුගවෙල, රිවර්සයිඩ් සහ මාවතුර ප්‍රදේශ.

මහවැලි ගඟ ආශ්‍රිතව -උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොළ, වැලිගල්ල, ගෙළිඔය, පේරාදෙණිය, කටුගස්තොට සහ පොල්ගොල්ල දක්වා ප්‍රදේශ.

ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට ප්‍රථම යළිත් වරක් දැනුම්දීමක් කිරීමට නියමිත අතර, මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාව හේතුවෙන් ජලාශයෙන් ජලය මුදා හැරීමකින් තොරව වුවද ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පහත් බිම් යටවීමේ අවදානමක් පවතී.

එබැවින්, ගඟ අවට පහත් බිම්වල වාසය කරන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව තම ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇත.

ජල මට්ටම – 696.96 m/MSL (මුහුදු මට්ටමේ සිට මීටර්)

පූර්ණ ධාරිතාව –  78.71% ක්

තවද උපරිම ජල සැපයුම් මට්ටම වන 703.00 m/MSL වෙත ළඟා වීම සඳහා 36.381 MCM (ඝණ මීටර් මිලියන) ප්‍රමාණයක හිස් අවකාශයක් පවතින බවද දැනුම් දී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *