ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 23කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කාණ්ඩායමට ලබාදී තිබුණි.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කිරීමට සමත් වුණි.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 71ක් රැස්කිරීමට සමත්විය.
ඊට හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.
වනිඳු හසරංග ලකුණු 36ක් රැස් කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 28ක් රැස්කළේය.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී හැරිස් රවුෆ් කඩුලු 3ක් දවාගත්තේය.
අනතුරුව ලකුණු 171ක ප්‍රබල ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන්ට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් සමත්විය.
ඒ අනුව පාකිස්තානයට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණි.
පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 55ක් රැස් කළ අතර ඉෆ්තිකාර් අහමඩ් ලකුණු 32ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුලු 4ක් දවාගත් අතර වනිඳු හසරංග කඩුලු 3ක් දවාගත්තේය.
ඒ අනුව, වසර 8කට පසුව ආසියානු කුසලානයක පහස විඳීමට දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්