රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක කාලයක් විදෙස්ගත වීමට අවසර ලබාදීම මගින් රජ්‍ය සේවය ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පවසන්නේ එලෙස විදේශ ගතවීම සඳහා අවසර ලබාදිය යුත්තේ රාජ්‍ය ආයතනවල සිටින අතිරික්ත සේවකයින්ට බවය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
“රජය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අවුරුදු 5ක් නිවාඩු අරගෙන රට යන්න බැරි නම් ගෙදර ඉන්න කියලා කිව්වා. දැන් මේකෙන් ගුරු වෘත්තීයට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒකට විතරක් නෙමෙයි බොහෝ වෘත්තීන්ට එල්ල වෙනවා. අපි දන්නවා හැම වෘත්තීයකම දක්ෂ පිරිසක් ඉන්නවා. ඒ පිරිස ගෙදර නැවතුනොත් මේ අවුරුදු පහේ තමන්ගේ ආදායම වැඩි කරගන්න. එහෙම නැත්නම් විදේශ ගත වුණොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා ඒ ඒ ක්ෂේත්‍රවලට. දැනටමත් මේ ප්‍රශ්නය වෛද්‍ය ක්ෂේත්‍රයේ, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම වරලත් ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරු වැනි ක්ෂේත්වලට වගේම හෙද සේවයට, ගුරු සේවයට අද මේක බරපතළ විදියට බලපාලා තියෙනවා. රටේ රාජ්‍ය අංශයේ සේවකයෝ වැඩියි නම් අතිරේක සේවකයෝ කවුද කියලා හඳුනාගෙන අන්න ඒ අයට මේ අවුරුදු පහේ නිවාඩුව දෙන්නේ නැතුව හැමෝටම මේක ලබාදීම තුළින් අද විශාල වශයෙන් වැඩකරන්න පුළුවන් අය ගිහින් ගුරු වෘත්තීය මානව කාන්තාරයක් බවට පත්විය හැකි අවදානම තියෙනවා.”

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනා ලෝක වාර්තාවක් තැබූ හත් හැවිරිදි පුංචි වීරයා
අබිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකවරයාගේ මරණයට හේතුව හෙළිවෙයි
සජබය සහ එජාපය එක්වී හමාරයි – සජිත්ගෙන් ප්‍රකාශයක්
නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිකුත් වෙයි! ශ්‍රී ලංකාවට හිමි ස්ථානය මෙන්න!
තෙල් මිල යළිත් ඉහළට! ජනපති මැයි රැළියේදී පවසයි!
අද තද වැස්සක්
මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව දැනුම්දීමක්
ඩොලරයට සාපේක්ෂව ශ්‍රී රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
අද කොළඹ අවට විශේෂ රථවාහන සැලැස්මක්
විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට