රාජ්‍ය නිලධාරීන්ට වසර 05ක කාලයක් විදෙස්ගත වීමට අවසර ලබාදීම මගින් රජ්‍ය සේවය ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පවසන්නේ එලෙස විදේශ ගතවීම සඳහා අවසර ලබාදිය යුත්තේ රාජ්‍ය ආයතනවල සිටින අතිරික්ත සේවකයින්ට බවය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ බව පැවසුවේය.
“රජය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව අවුරුදු 5ක් නිවාඩු අරගෙන රට යන්න බැරි නම් ගෙදර ඉන්න කියලා කිව්වා. දැන් මේකෙන් ගුරු වෘත්තීයට විශාල බලපෑමක් එල්ල වෙනවා. ඒකට විතරක් නෙමෙයි බොහෝ වෘත්තීන්ට එල්ල වෙනවා. අපි දන්නවා හැම වෘත්තීයකම දක්ෂ පිරිසක් ඉන්නවා. ඒ පිරිස ගෙදර නැවතුනොත් මේ අවුරුදු පහේ තමන්ගේ ආදායම වැඩි කරගන්න. එහෙම නැත්නම් විදේශ ගත වුණොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙනවා ඒ ඒ ක්ෂේත්‍රවලට. දැනටමත් මේ ප්‍රශ්නය වෛද්‍ය ක්ෂේත්‍රයේ, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම වරලත් ඉංජිනේරුවන්, වරලත් ගණකාධිකාරීවරු වැනි ක්ෂේත්වලට වගේම හෙද සේවයට, ගුරු සේවයට අද මේක බරපතළ විදියට බලපාලා තියෙනවා. රටේ රාජ්‍ය අංශයේ සේවකයෝ වැඩියි නම් අතිරේක සේවකයෝ කවුද කියලා හඳුනාගෙන අන්න ඒ අයට මේ අවුරුදු පහේ නිවාඩුව දෙන්නේ නැතුව හැමෝටම මේක ලබාදීම තුළින් අද විශාල වශයෙන් වැඩකරන්න පුළුවන් අය ගිහින් ගුරු වෘත්තීය මානව කාන්තාරයක් බවට පත්විය හැකි අවදානම තියෙනවා.”

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්‍ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි