සිය ග්රාමයේ විහාරස්ථානයේ කඨින චීවර පිංකම සඳහා නිවස පිළිසකර කරමින් සිටි පියා
සහ පුත්රයාට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මැදවච්චිය – මහකෝන්ගස්කඩ ගම්මානයෙන් මෙම ඛේදවාචකය වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි වියෙහි පසු වූ දිල්ෂාන් ප්රමෝද් නමැති තරුණයෙකු සහ ඔහුගෙ පියා යි.
රාත්රී 11.30ට පමණ කඨින චීවරය නිවසට වැඩම කිරීම සඳහා පවතින වැසි තත්ත්වය බලපෑමක් වේ යැයි සිතා, පියා සහ පුත් එක්ව නිවසෙහි ඉදිරිපිට ප්රධාන දොරටුව ආවරණය වන පරිදි තහඩු උපයෝගී කරගනිමින් උඩු වියනක් බැඳ තිබෙනවා.
නමුත් එම උඩුවියන එක් ව තිබී ඇත්තේ නිවස එක් කර සාදා තිබූ ගරාජයට වන අතර, එයට සවිකර තිබූ විදුලි රැහැන් මීයන් විසින් සපා කා ඇති බවත්, එතුළින් ආ විදුලිය උඩු වියනට ආරෝපණය වීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවත් පොලීසිය පැවසුවා.
විදුලිසැර වැදුණු පියා වීසි වී ගොස් බිමට වැටී ඇති අතර, පසුව පුතුට වැදී ඔහු ද වීසි වී ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව පුත්රයා යළිත් නැගී සිටිය ද ඔහුට විදුලි සැර කම්පනය හේතුවෙන් යළිත් වීසිව ගොස් බිත්තියේ හිස වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
PREVIOUS : බැංකු තැන්පතු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නව නීතියක්

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි