සිය ග්‍රාමයේ විහාරස්ථානයේ කඨින චීවර පිංකම සඳහා නිවස පිළිසකර කරමින් සිටි පියා
සහ පුත්‍රයාට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මැදවච්චිය – මහකෝන්ගස්කඩ ගම්මානයෙන් මෙම ඛේදවාචකය වාර්තා වන්නේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 19 හැවිරිදි වියෙහි පසු වූ දිල්ෂාන් ප්‍රමෝද් නමැති තරුණයෙකු සහ ඔහුගෙ පියා යි.
රාත්‍රී 11.30ට පමණ කඨින චීවරය නිවසට වැඩම කිරීම සඳහා පවතින වැසි තත්ත්වය බලපෑමක් වේ යැයි සිතා, පියා සහ පුත් එක්ව නිවසෙහි ඉදිරිපිට ප්‍රධාන දොරටුව ආවරණය වන පරිදි තහඩු උපයෝගී කරගනිමින් උඩු වියනක් බැඳ තිබෙනවා.
නමුත් එම උඩුවියන එක් ව තිබී ඇත්තේ නිවස එක් කර සාදා තිබූ ගරාජයට වන අතර, එයට සවිකර තිබූ විදුලි රැහැන් මීයන් විසින් සපා කා ඇති බවත්, එතුළින් ආ විදුලිය උඩු වියනට ආරෝපණය වීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවත් පොලීසිය පැවසුවා.
විදුලිසැර වැදුණු පියා වීසි වී ගොස් බිමට වැටී ඇති අතර, පසුව පුතුට වැදී ඔහු ද වීසි වී ගොස් තිබෙනවා.
ඉන් අනතුරුව පුත්‍රයා යළිත් නැගී සිටිය ද ඔහුට විදුලි සැර කම්පනය හේතුවෙන් යළිත් වීසිව ගොස් බිත්තියේ හිස වැදී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
PREVIOUS : බැංකු තැන්පතු සම්බන්ධයෙන් මහ බැංකුවෙන් නව නීතියක්

ඩෙංගු රෝගීන් 82,000ක්! අධි අවදානම් කලාප 175ක!
දැඩි ඇප කොන්දේසි මත ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසට ඇප
ඩොලරයට අද හිමි වූ වටිනාකම
දිවයිනේ ප්රමුඛ පෙළේ ටියුෂන් ආයතන හිමිකරුවෙකු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
ශ්‍රී ලාංකිකයන්ට ඉන්දීය වීසා නිකුත් කිරීම ලිහිල් කෙරේ! දඹදිව වන්දනාකරුවන්ට නොමිලේ වීසා පහසුකම්!
පැය 24කට වඩා උණ තියෙනවා නම් බලන් ඉන්න එපා! සෞඛ්‍ය අංශවලින් උපදෙස්!
සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය
කාලගුණයේ දැනෙන වෙනසක්
මහා සඟ සමුළුව අද කොළඹදී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්