ජිවන වියදම ඉහළ යාම ඇතුළු කරුණු ගණනාවකට එරෙහිව සමගි ජන බලවේගය නාවලපිටිය නගරයේ සංවිධානය කළ උද්ඝෝෂණයට සහභාගී වූ සමගි ජන බලවේග නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් ඇතුළු එම පක්ෂයේ ක්‍රියකාරීන් 15 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා.
විරෝධතාවට පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බැවින් පොලිසිය ඒ බව ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගී කොටගෙන පැවසුවද එය නොතකා එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිමට උත්සහ කිරිමේදි මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ පිරිස නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විම ද හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදි (16) දින පැවැත් වු අතර, එම රැස්විමට විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටි අතර, දෙපිරිස අතර ගැටුමක් ඇති නොවිමට කටයුතු කරමින් සමගි ජන බලවේගයේ පිරිසට නාවලපිටිය නගර තුලට පිවිසමට හෝ උද්ඝෝෂණය කිරිමට පොලිස් නිලධාරින් විසින් කටයුතු කෙරිණ.
නාවලපිටිය නගරයේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්විම සහ සමගි ජන බලවේගයේ පැවැත්විමට තිබු උද්ඝෝෂණය හේතුවෙන් අමතර පොලිස් බලැණි සහ පොලිස් කැරළි මර්ධන ඒකකය නාවලපිටිය නගරයට කැදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි