පොළොන්නරුව මනම්පිටිය ප්රදේශයේදී ටිපර් රථයක් පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමේ චෝදනාවට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා, මනම්පිටිය පොලිසිය මගින් පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මනම්පිටිය මහේස්ත්රාත් දිසා විනිසුරු, එරන්දි වික්රමසිංහ මහත්මිය නියෝග කළාය.
මනම්පිටියේ කොටලීය අසලදී ටිපර් රථය 17 වෙනිදා පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පොළොන්නරුව හා මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැණිනි.
මෙලෙස ඝාතනයට ලක් වූයේ කුඩාවැව දළුකාන අංක 243 ලිපිනයේ පදිංචිව සිටි 29 වියති දෙදරු පියෙකි.
රියැදුරු අරලගංවිල ප්රදේශයේ සිට කුලියාපිටිය දක්වා වැලි කියුබ් තුනක් ප්රවාහනය කරමින් සිටින අතරතුර සැකකරුවන්, මනම්පිටිය කොටලීය අසලදී ටිපර් රථය පැහැරගෙන රියැදුරු ඝාතනය කර ඇති බව පොලිසිය සැක පළ කරයි.

ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට