Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම කැළඹූ ඝාතනයට අදාළව 5ක් අත්අඩංගුවට

3 weeks ago

පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේදී ටිපර් රථයක් පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමේ චෝදනාවට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා, මනම්පිටිය පොලිසිය මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මේ මස 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මනම්පිටිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු, එරන්දි වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය.

මනම්පිටියේ කොටලීය අසලදී ටිපර් රථය 17 වෙනිදා පැහැරගෙන රියැදුරු ඝාතනය කිරීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් එම සැකකරුවන් පොළොන්නරුව හා මනම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගැණිනි.

මෙලෙස ඝාතනයට ලක් වූයේ කුඩාවැව දළුකාන අංක 243 ලිපිනයේ පදිංචිව සිටි 29 වියති දෙදරු පියෙකි.

රියැදුරු අරලගංවිල ප්‍රදේශයේ සිට කුලියාපිටිය දක්වා වැලි කියුබ් තුනක් ප්‍රවාහනය කරමින් සිටින අතරතුර සැකකරුවන්, මනම්පිටිය කොටලීය අසලදී ටිපර් රථය පැහැරගෙන රියැදුරු ඝාතනය කර ඇති බව පොලිසිය සැක පළ කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *