ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති දෙවන එක්දින තරගයේ තණතිල්ල තමා ක්රීඩා කළ “නරකම තණතිල්ල” ලෙස එංගලන්ත නායක හැරී බෲක් කළ ප්රකාශය දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දෙන්නේ ජාත්යන්තර ක්රිකට් පිටියේ තණතිලි විනිශ්චය කිරීමේදී ද්විත්ව ප්රමිතියක් පවතින බවයි.
එංගලන්තය හෝ ඕස්ට්රේලියාව වැනි රටවල පන්දු යවන්නන්ට වාසිදායක ලෙස තණකොළ සහිත වේගවත් තණතිලි සකස් කළ විට ඒවා “ක්රීඩාශීලී” (Sporting) තණතිලි ලෙස හඳුන්වන බවයි මැතිව්ස් පවසන්නේ.
නමුත් ආසියානු කලාපයේ දඟපන්දු යවන්නන්ට වාසිදායක තණතිලි සකස් කළ විට ඒවා “නරක” (Poor) තණතිලි ලෙස හැඳින්වීම අසාධාරණ බව ඔහු පෙන්වා දෙනවා.
මැතිව්ස් පවසන පරිදි නරක තණතිල්ලක් යනු පිතිකරුවන්ට ශාරීරික අනතුරු සිදු විය හැකි ආකාරයේ (Inconsistent bounce) සහිත අනතුරුදායක තණතිලි මිස, දඟපන්දුවට සහය දක්වන තණතිලි නොවේ.
ශ්රී ලංකා නායක චරිත් අසලංක ද බෲක්ගේ ප්රකාශය ප්රතික්ෂේප කරනවා.
කණ්ඩායම් දෙකම එක්ව එම තණතිල්ලේ ලකුණු 440කට වඩා ලබාගෙන ඇති බැවින් එය නරක තණතිල්ලක් ලෙස හැඳින්විය නොහැකි බව ඔහු පවසන්නේ.

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ගැඹුරු පීඩන අවපාතය ‘ඔර්නබ්’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් විශේෂ නිවේදනයක්!
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි