රාජ්ය අමාත්ය සනත් නිශාන්තගේ ජිප් රථයේ ගැටී තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී 48 හැවිරිදි දෙදරු පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය 15 වන දා පුත්තලම නගරයේ දී ඔහු ගමන් කළ පාපැදිය රාජ්ය අමාත්ය සනත් නිශාන්තගේ ජිප් රථයේ ගැටී තිබුණා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා ප්රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර අතර, පසු ව වැඩිදුර ප්රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවනු ලැබුවා.
අනතුර සිදු වන අවස්ථාවේ දී රාජ්ය අමාත්යවරයා ද එහි සිට ඇති අතර, සිද්ධියට අදාළව ජිප් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.
මොහුගේ මරණයෙන් හේතුවෙන් පුත්තලම පාතිමා ජාතික පාසලේ 10 ශ්රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්යාපනය ලබන දරුවන් දෙදෙනාගේ අනාගතය කටයුතු සම්පූර්ණයෙන් නැවතියාමේ තත්ත්වයකට පත්ව ඇති බව ඥාතින් පවසනවා.

ශ්රී ලංකේය ඉංජිනේරු තාක්ෂණය ආසියාවේ ඉහළින්ම ඇගයීමට! ලක්දනවි සමාගමට ජාත්යන්තර සම්මාන 5ක්!
10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී