රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජිප් රථයේ ගැටී තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී 48 හැවිරිදි දෙදරු පියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය 15 වන දා පුත්තලම නගරයේ දී ඔහු ගමන් කළ පාපැදිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජිප් රථයේ ගැටී තිබුණා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර අතර, පසු ව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවනු ලැබුවා.
අනතුර සිදු වන අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා ද එහි සිට ඇති අතර, සිද්ධියට අදාළව ජිප් රථය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා.
මොහුගේ මරණයෙන් හේතුවෙන් පුත්තලම පාතිමා ජාතික පාසලේ 10 ශ්‍රේණියේ හා සහිරා ජාතික පාසලේ අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනාගේ අනාගතය කටයුතු සම්පූර්ණයෙන් නැවතියාමේ තත්ත්වයකට පත්ව ඇති බව ඥාතින් පවසනවා.

පැය කිහිපයකට බිඳ වැටුණු YouTube යළි යථා තත්ත්වයට
IMF ප්‍රධානියා සහ මහ බැංකු අධිපති අතර හමුවක්
ගුරු පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවූ ගැසට් පත්‍රය සංශෝධනය කරයි
United Motors, ලාංකීය වෙළඳපොළට හඳුන්වාදුන් ආසන 7කින් සමන්විත MITSUBISHI නවතම රථය
අද පස්වරු 1න් පස්සේ එළියට යද්දි බලාගෙනයි
දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
රජයේ තීරණය රිවස් වෙයි
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද? මේ විදියටත් පෙනහළු පිළිකා වැළඳෙන්න පුළුවන් කියලා..
හදිසි දුම්රිය වර්ජනයට නියෝජ්‍ය ඇමතිගෙන් සැර පිළිතුරක්
රටම බලා සිටි පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි
රුපියල් 500ක අල්ලසක් ගත් කතකට වැඩ වරදී
අකුරේගොඩ ද්විත්ව ඝාතනය ගැන තවත් තොරතුරු රැසක් හෙළි වෙයි