Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහේස්ත්‍රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි

10 hours ago

වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් ඔහුව තනතුරෙන් නෙරපා හැරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2024 දෙසැම්බර් මාසයේදී ඔහුව මොරටුව දිසා විනිසුරුවරයා ලෙස මාරු කර යැවූ අතර, පසුව 2025 අගෝස්තු මාසයේදී සේවය අත්හිටුවීමට (වැඩ තහනමට) පියවර ගැනුණි.

2015 වසරේදී අලි පැටවෙකු නීතිවිරෝධීව ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළවද ඔහුගේ වැඩ තහනම් වූ අතර, එම අපරාධ නඩුවෙන් ඔහු 2021දී නිදහස් විය.

2024 දෙසැම්බර් මාසයේදී තිලිණ ගමගේ මහතාගේ සහෝදරයා වූ සලෝචන ගමගේ ඇතුළු දෙදෙනෙකු නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම් වන්දි මුදලක් කඩිනමින් ලබාදීමට රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට පත්ව තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *