Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

3 years ago 171

පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (07) අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දෙවන පාසල් වාරය ලබන 13 වනදා ආරම්භ වන බවයි.

ඒ අනුව රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් දෙවන පාසල් වාරය සඳහා ලබන
අඟහරුවාදා යළි විවෘත කළ යුතුයි.

කොරෝනා තත්වය, රටේ පැවති ඉන්ධන ගැටළුව ඇතුලු විවිධ හේතූන් මත පාසල් අධ්‍යාපන
කටයුතු විටින් විට අත්හිටුවීමට සිදුවුණා.

ඒ අනුව මේ වසරේ පළමු පාසල් වාරය කොටස් දෙකකට වෙන් කෙරුණු අතර, එහි පළමු අදියර
මැයි 20 වනදා අවසන් කෙරුණා.

2021 වසරට අදාළව සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමෙන් අනතුරුවයි ජූනි 6 වනදා සිට
දෙවන අදියර ක්‍රියාත්මක කෙරුණේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *