“දිට්වා” සුළිකුණාටුව නොවැම්බර් මස 29 දින ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී තිබෙන බව කාලගුණය විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.
මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි සඳහන් වන්නේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (නොවැම්බර් මස 30) සිට අපේක්ෂා කෙරෙන බ්වත් සඳහන්.
උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (50-60) දක්වා වන ඉතා තද සුළං ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා.
තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සඳහන් කළේ.

ජනපති හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අතර හමුවක්
පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳුන්ට දැඩි ක්‍රියාමාර්ග
ආපදා මරණ සංඛ්‍යාව 600 ඉක්මවා යයි
මොරගහකන්ද ජලාශය උපරිම ජල මට්මමට
ආපදාවෙන් විපතට පත්වූවන්ට සහන දෙන්න UNDP ඉදිරිපත් වෙයි
අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් නිවාස සඳහා වන්දි ලැබෙන ආකාරය මෙන්න
ආපදාවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්ට මාසික දීමනාවක්
හානියට පත් නිවසක ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට රජයෙන් මුදල්
නිවාස අහිමි වූ අයට කුලී නිවාස සඳහා මාසික දීමනාවක්
මාලදිවයිනෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු පෙට්ටි 25,000ක්
අයවැය සම්මතවීමට පෙර ජනපතිගෙන් සංවේදී කතාවක්