ක්‍රිප්ටොකරන්සි ආකාරයෙන් පවත්වාගෙන ගිය දැවැන්ත මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වූ බව පොලීස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය සහ වාජිණ අපරාධ විමර්ශන අංශයට ලැබුණු
පැමිණිල්ලක් අනුව මෙම කරුණු අනාවරණය වූ බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා
පැවසුවේ, “ස්පොට් චේන් කියලා පිරමීඩ් ආකාරයේ මූල්‍ය වංචාවක් ගැන පැමිණිලි
ලැබුණා. මේ ව්‍යාපාරය ගැන කළ විමර්ශනයේ දී කීර්ති බණ්ඩාර නමැති සැකකරුවෙක්
අත්අඩංගුවට ගත්තා. ඔහු දැනට ඇප මත සිටිනවා.”
“ඔහු සමග සම්බන්ධවෙලා චීන ජාතිකයෙක් කටයුතු කරලා තිබුණා. ෂැංකායි කියලා
පුද්ගලයෙක්. ඔහුගේ පෙම්වතිය ලෙස වැන් කියලා කාන්තාවක්.”
“මේ තිදෙනා එකතුවෙලා මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගිහින් තිබෙනවා.”
“මෙම චීන ජාතිකයින් දෙදෙනා රටින් පිටවයෑමට සූදානම් වූ අවස්ථාවේදී කටුනායක
ගුවන්තොටුපොළේදී සැප්තැම්බර් 12 වනදා අත්අඩංගුවට ගත්තා.”
“ක්‍රිප්ටොකරන්සි සඳහා විවිධ පුද්ගලයින් නැඹුරුකර ගැනීම තමයි ඔවුන් කරලා
තිබෙන්නේ. 2020 මේ ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන්නේ. පිරිස් මෙහි මුදල් ආයෝජනය කළාට පස්සේ ඔවුන්ට පෙන්වනවා විවිධ ප්‍රතිලාභ ලැබෙනවා කියලා.”
“ඒ වෙනුවෙන් වෙනම පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ හරහා ක්‍රිප්ටොකරන්සි මිලදී ගැනීමක් ලෙස පෙන්නුම් කරලා මෙම ව්‍යාපාරය සිදුකරලා
තිබෙනවා.”
“නමුත් ගනුදෙනුකරුවන් එහි ප්‍රතිලාභ ගන්න යන අවස්ථාවේදී කිසිම ආකාරයකින්
ඔවුන්ට ඒවා ගන්න ලැබිලා නැහැ. ඔවුන් ඉහළ සිට පහළට සම්බන්ධතාවය බිඳදමලා පහළම
දෙදෙනා අතර පමණක් සම්බන්ධතාවය පෙන්වා මෙම කටයුතු කර තිබෙනවා.”
“මේ ආකාරයට 8,000ක් පමණ ලංකාවේ පුද්ගලයින් මෙම වංචාවට හසුවී තිබෙනවා.
සැකකරුවන් 2020 සිට මේ දක්වා රුපියල් කෝටි 1,400 වැඩි මුදලක් වංචා කර
තිබෙනවා.”
“සැකකරුවන් හඳුනාගත් ජංගම දුරකථන සඳහා කෙටි පණිවුඩ එවමින් මෙම ජාවාරමට
පුද්ගලයින් සම්බන්ධ කරගෙන තිබෙනවා.” යනුවෙන්.
-hirunews-

කාසියේ වාසිය ශ්රී ලංකාවට! විජයකාන්ත් වියස්කාන්ත්ව කණ්ඩායමට කැඳවයි!
ඉදිරියේදී එන මහ වැස්සට මුහුණ දෙන්න අගමැතිනිය දුන් විශේෂ උපදෙස
විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි