Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉන්ධන ලබා ගැනීම සඳහා නැවතත් QR ක්‍රමවේදය?

8 months ago

මහජනතාව අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන රැස් කිරීමට පෙළඹුණහොත් පමණක් නැවතත් QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් ඉල්යාස් මොහොමඩ් අර්කම් පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට තුළ දැනට මාසයකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් මහජනතාව කලබල විය යුතු නැති බවයි.

කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉන්ධන ලබාගෙන රැස් කිරීමට ජනතාව කටයුතු කළහොත් ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලියට බාධා එල්ල විය හැකි බවත්, එවැනි තත්ත්වයක් පාලනය කර නිසි ලෙස කළමනාකරණය කිරීම සඳහා පමණක් QR ක්‍රමය යළිත් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *