නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර බඩවැල් ආශ්‍රිත රෝගවල ඉහළ යාමක් පවතින බව ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා පවසයි.
ඔහු පවසන්නේ, තරුණ ප්‍රජාව කෘත්‍රිම ආහාර සඳහා වැඩි නැඹුරුතාවක් දැක්වීම හේතුවෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආමාශ ආන්ත්‍රික අක්මා සම්බන්ධ විශේෂඥ වෛද්‍ය සුපුන් කුලතුංග මහතා මෙම අදහස් පල කළේය.
“අපේ බඩවැල් මොළය අතර තියෙනවා සංකීර්ණ සම්බන්ධතාවයක්. ඒකට අපි කියනවා gut-brain axis කියලා. ඒ කියන්නේ අපි ගොඩක් ආතතියක ඉන්නවා නම්, අපිට Stress එක වැඩි නම්, එහෙම නැත්නම් කාංසාව මේ වගේ දේවල් තියෙන කොට ඉබේම අපේ බඩවැල්වලට දැනෙනවා. මෙන්න මේ සංකීර්ණ ක්‍රියාදාමය, අපි ගන්න කෑම ප්‍රශ්න මේ දේවල්වල එකතුවක් නිසා IBS (Irritable Bowel Syndrome) තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය දැන් එන්න එන්න සුලබයි. අපේ ජීවන රටාවල් දැන් වෙනස් වෙලා තියෙනවා. අපේ ආහාර පුරුදු දැන් වෙනස් වෙලා තියෙනවා. එළවළු, පලතුරු, කොළ වර්ග සහ ධාන්‍ය වර්ගවලින් මම දකිනවා ගොඩක් තරුණ අය ස්වභාවික ආහාර රටාවෙන් ටිකක් යන්න බලනවා කෘතිම ආහාරවලට. ලේසි නිසා. ඒ නිසා ඒ අයට දැන් වැඩි වශයෙන් Irritable Bowel Syndrome දැකගන්න පුළුවන්.”

හිටපු අගමැතිවරයෙකු මන්ත්‍රීවරයෙකු ජනපති අරමුදලේ කෝටි දෙක හමාරකට පොලු තියලා
වීරකැටියේ වෙඩි තැබීමක්! තරුණයෙකුට තුවාල!
බෙන්තොට මුහුදේදී අතුරුදහන් වූ ඉන්දියානු තරුණයා
ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කරයි
22, ලබන18 වැනිදා පාර්ලිමේන්තුවට
විදුලි කප්පාදුවක් සිදුවන බවට පැතිර යන ප්‍රචාරවලට ඇමතිගෙන් පිළිතුරු
අද දිස්ත්‍රික්ක කිහිපයකට ඉහළ උණුසුමක්
බැකෝ සමන්ගේ මවගේ ඝාතනය කරන්දෙණියෙ සුද්දාගේ වැඩක්ද?
ශබ්දය වෙනස් කර ඇති යතුරුපැදිවලට නීති තද වෙයි
උසස් පෙළ විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවෙලාද? විභාග කොමසාරිස්වරියගෙන් විශේෂ ප්‍රකාශයක්
හෙටට අදාළ A/L ප්‍රශ්න පත්‍රය අඩංගු පැකට් 6ක් අද අම්බලන්තොටින් හමුවෙයි
රියදුරන්ට දැනුම්දීමක්