Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

54 seconds ago

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවැත්වෙන 2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන තරගාවලියේ  B කාණ්ඩයේ පැවැති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 4කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 114ක් රැස් කළා.

බංග්ලාදේශය වෙනුවෙන් Sobhana Mostary ලකුණු 34ක් සහ Dilara Akter ලකුණු 26ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19.2කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 115ක් ලබාගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 37කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් රැස් කරමින් ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවූවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *