බෙංගාල බොක්කේ වර්ධනය වී ඇති ‘ARNAB’ සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්රදේශවල තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අද (26) පෙරවරු 9.30ට නිකුත් කළ මෙම නිවේදනය ඉදිරි පැය 12 සඳහා වලංගු වේ.
බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, අද රාත්රී 11.30 පමණ වන විට බටහිර මධ්යම බෙංගාල බොක්කේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවට ද අනතුරු අඟවා තිබේ.
අදාළ මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යා හැකි බව සඳහන් වේ. එමෙන්ම ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි අතර, මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස උපදෙස් දී තිබේ.
එම මුහුදු ප්රදේශවල දැනටමත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත ප්රදේශ වෙත යාත්රා කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්
ඔර්නබ් බලපෑමෙන් දිස්ත්රික්ක කිහිපයකට දැඩි වර්ෂාපතනයක්
කොග්ගලදී දුම්රියේ ගැටුණු බස් රථයේ ප්රවාහන බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කෙරේ
කළු ගඟ ආශ්රිතව ගංවතුර අනතුරු ඇඟවීම්
තරු පහේ හෝටලයට එරෙහිව නඩු පැවරවීමට සැරසෙන බලංගොඩ කස්සප හිමි
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ මැති, ඇමතිවරු ඇතුළු රජයේ නිළධාරීන් පිරිසකට විදේශ සංචාර තහනමක්
අද කුඩයක් නැතිව එළියට යන්න එපා
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි! කාලගුණයෙන් රතු නිවේදනයක්!
ලංකා IOC ඔක්ටේන් 95 පෙට්රල් මිල ඉහළ දමයි
පොලිස් සිර මැදිරියේ සිටි තරුණයෙකු මියයෑම ගැන ඥාතීන්ගෙන් පොලිසියට චෝදනා