ලෝක ගුරු දිනයට සමගාමීව ගුරු සහ විදුහල්පතිවරුන් ඇගයීමේ උත්සව පැවැත්වෙද්දී
කුලියාපිටිය -බරාගෙදර ප්රදේශයේ පාසලක ගුරුවරියකට එහි ඉගෙනුම ලබන සිසුවියකගේ පියා
විසින් කම්මුලට පහරදීමේ සිද්ධියක් හිරු ප්රවෘත්ති අංශයට වාර්තා වුණා.
ඒ අදට යෙදී ඇති ලෝක ගුරු දිනය වෙනුවෙන් පාසලේ සංවිධානය කර තිබූ ගුරු උපහාර උළෙලට ඇතුළත් කළ නාට්යයක් ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින්.
පහරකෑමට ලක්වූ ගුරුවරිය එම පාසලේ ශිෂ්ය නායක මණ්ඩලය භාරව කටයුතු කරනවා.
පහරදුන් සැකකරුගේ දියණිය එහි ශිෂ්ය නායිකාවක් බවයි වාර්තා වන්නේ. ගුරුවරිය ඇතුලු
සිසු – සිසුවියන් ඊයේ පස්වරුවේ පාසලේ මීට අදාළ පුහුණුවීම්වල නිරතව ඇති අතර පහරකෑමට ලක්වූ ගුරුවරිය සහ අනෙක් ගුරුවරුන් තීරණය කර ඇත්තේ පුහුණුවීම් ප්රමාණවත්
නොවීම නිසා එම නාට්ය උළෙලෙන් ඉවත් කිරීමටයි.
මේ බව අදාළ ගුරුවරිය විසින් ඊයේ පස්වරුවේ දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර අදාළ දැරියගේ පියාට එය දැනුම් දුන් අවස්ථාවේදී ඔහු ගුරුවරියට බැන වැඳී තිබෙනවා. ඒ නිසි අයුරින් දරුවන් දැනුවත් නොකර සිදුකරන මෙවැනි
කටයුතුවලින් දරුවන්ගේ මානසිකත්වය බිඳවැටෙන බව සඳහන් කරමින්.
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා දෙමාපියන්ට පාසලට පැමිණෙන ලෙස පසුව
දැනුම් දී ඇති අතර දැරියගේ මව සමඟ පාසලට පැමිණි පියා ගුරුවරිය කවුදැයි විමසා තමා අසළට පැමිණ තර්ජනය කර කම්මුලට පහරක් ගැසූ බවයි එම ගුරුවරිය කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.
එසේම පසුව ඔහු එහි සිටි අනෙක් ගුරුවරියටද බැන වැදී ඇති අතර මේ හේතුවෙන් තමන් දැඩි
අපහසුතාවට සහ අපකීර්තියට පත්වූ බවටයි පහරකෑමට ලක්වූ ගුරුවරිය පොලිසියට වැඩිදුරටත්
ප්රකාශ කර ඇත්තේ. අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියෙන් ද විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගුරුවරියට පහරදුන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවයි.

10 හැවිරිදි දියණිය මරු තුරුළට යැවූ මාරක අනතුර
හමුදා ආරක්ෂාව යටතට පත්වෙන ඇත්තු 13 දෙනා කවුද?
අදට යෙදෙන වප් පුර පසළොස්වක පොහො දිනයෙහි සිදු වූ වැදගත් සිදුවීම්
අධ්යාපන ප්රතිසංස්කරණ කළ යුත්තේ ඇයි? අගමැති හරිනිගෙන් හේතු පැහැදිලි කිරීමක්
අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි
තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ