ලෝක ගුරු දිනයට සමගාමීව ගුරු සහ විදුහල්පතිවරුන් ඇගයීමේ උත්සව පැවැත්වෙද්දී
කුලියාපිටිය -බරාගෙදර ප්‍රදේශයේ පාසලක ගුරුවරියකට එහි ඉගෙනුම ලබන සිසුවියකගේ පියා
විසින් කම්මුලට පහරදීමේ සිද්ධියක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
ඒ අදට යෙදී ඇති ලෝක ගුරු දිනය වෙනුවෙන් පාසලේ සංවිධානය කර තිබූ ගුරු උපහාර උළෙලට ඇතුළත් කළ නාට්‍යයක් ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින්.
පහරකෑමට ලක්වූ ගුරුවරිය එම පාසලේ ශිෂ්‍ය නායක මණ්ඩලය භාරව කටයුතු කරනවා.
පහරදුන් සැකකරුගේ දියණිය එහි ශිෂ්‍ය නායිකාවක් බවයි වාර්තා වන්නේ. ගුරුවරිය ඇතුලු
සිසු – සිසුවියන් ඊයේ පස්වරුවේ පාසලේ මීට අදාළ පුහුණුවීම්වල නිරතව ඇති අතර පහරකෑමට ලක්වූ ගුරුවරිය සහ අනෙක් ගුරුවරුන් තීරණය කර ඇත්තේ පුහුණුවීම් ප්‍රමාණවත්
නොවීම නිසා එම නාට්‍ය උළෙලෙන් ඉවත් කිරීමටයි.
මේ බව අදාළ ගුරුවරිය විසින් ඊයේ පස්වරුවේ දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට දුරකථනයෙන් දැනුම් දී ඇති අතර අදාළ දැරියගේ පියාට එය දැනුම් දුන් අවස්ථාවේදී ඔහු ගුරුවරියට බැන වැඳී තිබෙනවා. ඒ නිසි අයුරින් දරුවන් දැනුවත් නොකර සිදුකරන මෙවැනි
කටයුතුවලින් දරුවන්ගේ මානසිකත්වය බිඳවැටෙන බව සඳහන් කරමින්.
ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා දෙමාපියන්ට පාසලට පැමිණෙන ලෙස පසුව
දැනුම් දී ඇති අතර දැරියගේ මව සමඟ පාසලට පැමිණි පියා ගුරුවරිය කවුදැයි විමසා තමා අසළට පැමිණ තර්ජනය කර කම්මුලට පහරක් ගැසූ බවයි එම ගුරුවරිය කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.
එසේම පසුව ඔහු එහි සිටි අනෙක් ගුරුවරියටද බැන වැදී ඇති අතර මේ හේතුවෙන් තමන් දැඩි
අපහසුතාවට සහ අපකීර්තියට පත්වූ බවටයි පහරකෑමට ලක්වූ ගුරුවරිය පොලිසියට වැඩිදුරටත්
ප්‍රකාශ කර ඇත්තේ. අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියෙන් ද විමසීමක් කළා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගුරුවරියට පහරදුන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරන බවයි.

පරිස්සමට වගේම සැපට යන්න ලංගමට අලුතින් සැප බස් රථ 600 ක්
පස් දෙනෙකුට දිවි අහිමිකළ කටුවාන ගින්නේ සම්පූර්ණ විස්තරය
කුසල් මෙන්ඩිස්ට ආබාධයක්
බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
බැසිල්ව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි
කුකුළෙක් නිසා පියාව රෝහලට යැවූ අජාසත් පුතාට මාංචු
ජුනි මාසයේ උද්ධමනය තවදුරටත් ඉහළට
හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
හෝමගම, කටුවාන කර්මාන්ත පුරයේ ඇති වූ ගින්නෙන් 5ක් මරුට
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට භාර දෙයි
ශ්‍රී ලංකා රුපියල අදත් පසුබසී