ඩුබායි හිදී දැන් ක්රියාත්මක ‘ඉන්ටර්නැෂනල් ලීග්’ පන්දුවාර 20 තරගාවලිය (අයි.එල්.ටී 20) හි ක්රීඩා කරන සියලු ශ්රී ලංකා ක්රීඩකයන්ට තරගාවලිය අතහැර මෙම 20 වැනිදා වන විට ශ්රී ලංකාවට වාර්තා කරන මෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
අදාළ හදිසි කැඳවීමට හේතුව කුමක් දැයි එම ක්රීඩකයන් වෙත නිශ්චිතව දැනුම් දී නැතත්, පන්දු යැවීම සම්බන්ධයෙන් ශ්රී ලංකා කණ්ඩායමට උපදේශකත්වයක් සැපයීම සඳහා යැයි සම්බන්ධකරගත් හිටපු වේග පන්දු යවන්නකුගේ උපදෙස් මත මෙම කැඳවීම සිදුකර ඇතැයි පැවසේ.
ශ්රී ලංකා පිතිකරුවන්ට දඟ පන්දු යවන්නන් හමුවේ වැඩි යෙදීමක් ලබාදීම මූලික අරමුණු කරගනිමින් දැන් ක්රියාත්මක දේශීය ‘මේජර් ලීග් තුන් දින තරගාවලියට’ මෙම ක්රීඩකයන් යොදාගැනීම මෙම කැඳවීමේ අරමුණ බව නිල නොලත් ආරංචි මර්ග මගින් පැවසිනි.
කෙසේ වුවද මෙම හදිසි කැඳවීම හේතුවෙන් මෙම තරගාවලියට සම්බන්ධව සිටින මෙරට ක්රීඩකයන් මෙන්ම මෙම සතියේදී මෙම තරගාවලියට එක්වීමට සියල්ල සූදානම් කරගෙන සිටි මෙරට සෙසු ක්රීඩකයන් කිහිපදෙනාද දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි සැලවේ.
(source – aruna)

වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්
පිළිකා රෝගීන්ට සුබ ආරංචියක්! පිළිකාවට එරෙහිව නව එන්නතක්!
මාස 6කට පසු ලෝක බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට
බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය අද පීඩන අවපාතයක් වෙන ලකුණු – සුළි කුණාටුවක අවදානමක්?
සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!