Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ILT20 තරගාවලියේ සිටින සියලුම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වහාම ලංකාවට කැඳවයි

4 weeks ago

ඩුබායි හිදී දැන් ක්‍රියාත්මක ‘ඉන්ටර්නැෂනල් ලීග්’ පන්දුවාර 20 තරගාවලිය (අයි.එල්.ටී 20) හි ක්‍රීඩා කරන සියලු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරගාවලිය අතහැර මෙම 20 වැනිදා වන විට ශ්‍රී ලංකාවට වාර්තා කරන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

අදාළ හදිසි කැඳවීමට හේතුව කුමක් දැයි එම ක්‍රීඩකයන් වෙත නිශ්චිතව දැනුම් දී නැතත්, පන්දු යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට උපදේශකත්වයක් සැපයීම සඳහා යැයි සම්බන්ධකරගත් හිටපු වේග පන්දු යවන්නකුගේ උපදෙස් මත මෙම කැඳවීම සිදුකර ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට දඟ පන්දු යවන්නන් හමුවේ වැඩි යෙදීමක් ලබාදීම මූලික අරමුණු කරගනිමින් දැන් ක්‍රියාත්මක දේශීය ‘මේජර් ලීග් තුන් දින තරගාවලියට’ මෙම ක්‍රීඩකයන් යොදාගැනීම මෙම කැඳවීමේ අරමුණ බව නිල නොලත් ආරංචි මර්ග මගින් පැවසිනි.

කෙසේ වුවද මෙම හදිසි කැඳවීම හේතුවෙන් මෙම තරගාවලියට සම්බන්ධව සිටින මෙරට ක්‍රීඩකයන් මෙන්ම මෙම සතියේදී මෙම තරගාවලියට එක්වීමට සියල්ල සූදානම් කරගෙන සිටි මෙරට සෙසු ක්‍රීඩකයන් කිහිපදෙනාද දැඩි අපහසුතාවකට ලක්ව ඇතැයි සැලවේ.

(source – aruna)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *