හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් පසුගිය 02 වනදා විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිවසේ පැවති මෙම විශේෂ සාකච්ඡාවට පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් එක්ව සිටි බව දේශපාලන ආරංචි සඳහන් කරයි.
ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙයට එක්වීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් අවසන් මොහොතේ ඔහු නොපැමිණි බවද වාර්තා විය.
මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදීම සඳහා ඔහුව ඉතා කෙටි කාලයකට අගමැති ධූරයට පත්කිරීමට යෝජනා වී ඇත.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා මීට පෙරද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදිය යුතු බවත් රාජපක්ෂ මහතා නැවත ස්ථිර අගමැති ධූරයකට පත්කිරීම අනවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, එම සාකච්ඡාවේදී අදාළ යෝජනාවට වත්මන් අගමැති දිනේෂ් කැමතිවී ඇති නමුත් සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වූ බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්