Facebook, Messenger, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.
ඉන්දියාවේ සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම වංචනිකයන් අදාළ පුද්ගලයන් ගොදුරු කරගැනීමට පෙර, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් සහ හිතවතුන් තම මිතුරු ලැයිස්තුවට එකතු කරගැනීමට පියවර ගෙන තිබේ.
ජාවාරමේ ආරම්භක පියවර ලෙස ප්‍රථමයෙන් Instagram හරහා සුරූපී තරුණියකගේ රූපයක් සහිත ගිණුමකින් ‘Hi’ යනුවෙන් කෙටි පණිවුඩයක් යොමු කෙරේ.
එම පණිවිඩයට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටින ජාවාරම්කරුවන්, දින කිහිපයකට පසු නැවත සංවාදයට පිවිසෙයි.
තරුණියගේ ඡායාරූපයේ සුරූපි බව නිසාම යළි ඔවුන් එම පණිවිඩයට ප්‍රතිචාර දැක්වීම සිදුකරනවා.
අනතුරුව තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් යොමු කරමින්, අනෙක් පාර්ශවයේ ද නිරුවත් ඡායාරූප හෝ WhatsApp වීඩියෝ ඇමතුම් හරහා දර්ශන ලබාගැනීමට ඔවුන් පොළඹවා ගනියි.
පසුව එම නිරුවත් වීඩියෝවල දර්ශන ලබාගෙන, ඒවා අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යවන බවට තර්ජනය කරමින් කප්පම් ගැනීම සිදු කරන බවට අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් නොහඳුනන ගිණුම්වලින් හෝ අංකවලින් ලැබෙන කෙටි පණිවිඩ, මිතුරු ඇරයුම් සහ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී අතිශයින්ම සුපරීක්ෂාකාරී වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්