Facebook, Messenger, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල යොදාගනිමින් මහා පරිමාණයෙන් සිදුකෙරෙන සංවිධානාත්මක කප්පම් ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) සමත්ව තිබේ.
ඉන්දියාවේ සිට මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙම වංචනිකයන් අදාළ පුද්ගලයන් ගොදුරු කරගැනීමට පෙර, ඔවුන්ගේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් සහ හිතවතුන් තම මිතුරු ලැයිස්තුවට එකතු කරගැනීමට පියවර ගෙන තිබේ.
ජාවාරමේ ආරම්භක පියවර ලෙස ප්‍රථමයෙන් Instagram හරහා සුරූපී තරුණියකගේ රූපයක් සහිත ගිණුමකින් ‘Hi’ යනුවෙන් කෙටි පණිවුඩයක් යොමු කෙරේ.
එම පණිවිඩයට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් පිළිබඳ අවධානයෙන් සිටින ජාවාරම්කරුවන්, දින කිහිපයකට පසු නැවත සංවාදයට පිවිසෙයි.
තරුණියගේ ඡායාරූපයේ සුරූපි බව නිසාම යළි ඔවුන් එම පණිවිඩයට ප්‍රතිචාර දැක්වීම සිදුකරනවා.
අනතුරුව තරුණියගේ නිරුවත් ඡායාරූප කිහිපයක් යොමු කරමින්, අනෙක් පාර්ශවයේ ද නිරුවත් ඡායාරූප හෝ WhatsApp වීඩියෝ ඇමතුම් හරහා දර්ශන ලබාගැනීමට ඔවුන් පොළඹවා ගනියි.
පසුව එම නිරුවත් වීඩියෝවල දර්ශන ලබාගෙන, ඒවා අදාළ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන්ට සහ ඥාතීන්ට යවන බවට තර්ජනය කරමින් කප්පම් ගැනීම සිදු කරන බවට අනාවරණය වී ඇත.
මේ හේතුවෙන් නොහඳුනන ගිණුම්වලින් හෝ අංකවලින් ලැබෙන කෙටි පණිවිඩ, මිතුරු ඇරයුම් සහ ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමේදී අතිශයින්ම සුපරීක්ෂාකාරී වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

බන්ධනාගාරගත රැඳවියෙකුට බත් එකේ දමා මත්ද්‍රව්‍ය රැගෙන ගිය දෙදෙනෙක් මාට්ටු
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
අලෙවි නියෝජිත මිලට වඩා වැඩි මිලට යතුරුපැදි වික්ක වෙළෙඳසැල් 03කට දඩ
ක්‍රිකට් මැච් එකක් නිසා කෙහෙවලු පටලාගත් විදුහල්පතිනියන්
පොහොට්ටුවේ පිරිසක් සර්වජන බලය සමඟින් එක්වෙයි
විදේශ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්
බන්ධනාගර නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න
හිටපු ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්ගේ පිළිකාව උත්සන්න වෙයි
උසස් පෙළ විභාගය හෙට ඇරඹෙයි
කුසල් මෙන්ඩිස්ට ලැබුණු තනතුර
ශිෂ්‍යත්ව විභාගය අදයි
රත්මලානේ නිවසකට එල්ලවූ අත්බෝම්බ ප්‍රහාරයට 4ක් අත්අඩංගුවට