විභාග අක්‍රමිකතා හේතුවෙන් තම කාලය, ශ්‍රමය සහ මුදල් අපතේ ගිය බවට චෝදනා කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරූ ශිෂ්‍යයෙකු එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් ඉල්ලා නඩු පවරා තිබෙනවා.
නුගේගොඩ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති මෙම නඩුව මගින් අදාළ ශිෂ්‍යයා පවසන්නේ, තමන් මුලින් විභාගයෙන් අසමත් බව දැනුම් දුන් නමුත් පසුව කිසිදු විභාගයක් නොපවත්වාම සමත් බවට දැනුම් දී උපාධි ප්‍රදානෝත්සවයක්ද පවත්වා ඇති බවයි.
එලෙස කිසිදු විභාගයකට පෙනී නොසිටියදී සිසුන් පසුව සමත් කළේ කුමන පදනමක් මතද යන්න පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තමන්ට මෙතෙක් සාධාරණ පැහැදිලි කිරීමක් ලබාදී නොමැති බවද ඔහු චෝදනා කරනවා.
එමෙන්ම, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් සිසුවෙකු මාර්ගයෙන් තමන්ගෙන් රුපියල් 80,000ක මුදලක් ඇගේ ගිණුමට බැර කරන ලෙස ඉල්ලා සිටි බවත්, කථිකාචාර්යවරුන්ට මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තමන් සමඟ අමනාපයෙන් සිටි පිරිසක් තමන්ව විභාගයෙන් අසමත් කළ බවත් ශිෂ්‍යයා සිය නඩුවෙන් පෙන්වා දී තිබෙන්නේ.
මෙම චෝදනා සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන්, අංශ ප්‍රධානීන්, පීඨාධිපතිවරයා, විභාග අංශයේ නිලධාරීන්, හිටපු සහ වත්මන් උපකුලපතිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති බව සඳහන්.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට