ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 17 වැනි තරගය ඊයේ (14) Jaffna Kings සහ Colombo Strikers කණ්ඩායම් අතර පැවැත්වුණු අතර එහිදී කඩුළු 9කින් ජය ලබා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Colombo Strikers කණ්ඩායම සමත් විය.
ඔවුන්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 9ක් දැවී ලකුණු 109ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Colombo Strikers කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහයේ ඉලක්කය පහසුවෙන් පසුකර යාමට සමත් විය.
එහිදී Rahmanullah Gurbaz නොදැවී ලකුණු 57ක් රැස් කළ අතර Muhammad Waseem නොදැවී ලකුණු 35 ක් රැස් කළා.
මේ අතර මෙම තරගයේදී මෙවර තරගාවලියේ පන්දු යවන්නෙකු විසින් යැවූ වේගවත්ම පන්දුව යැවීමට මතීෂ පතිරණ සමත් වුණා.
ඔහු පැයට කිලෝමීට එකසිය පනස් එකක වේගයෙන් යුත් පන්දුවක් ඊයේ දිනය යොමු කළා.
කෙසේ නමුත් මෙහි විශේෂත්වය වන්නේ මේ දක්වා පන්දු යවන්නන් යැවූ වේගවත්ම පන්දු පහේම අයිතිය හිමිව ඇත්තේ මතීෂ පතිරණට පමණක් වීමයි.

ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි
පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි