එල්.පී.එල්. ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවකට වරදකරුවීම නිසා දඹුල්ල සික්සර්ස් ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් සහ දඬුවම් ලකුණක් ලබා දීමට එල්.පී.එල්. විනය කමිටුව පියවර ගෙන තිබෙනවා.
එම වරද ඩිල්ෂාන් මධුසංඛ විසින්ද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 14 වැනිදා ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී දැවී ගිය පිතිකරුවෙකුට අපහාසාත්මක ලෙස බැන වැදිම ඇතුළු චෝදනා කිහිපයක් හේතුවෙන් ඔහුට මෙම දඬුවම පනවා තිබෙනවා.
මෙය එල්.පී. එල්. චර්යාධර්ම සංග්‍රහය යටතේ පළමු මට්ටමේ වරදකි.
