ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමින් ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටිනවා.
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට
පසුවයි.
1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයක දී ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපොහොසත් වුණා.
එහෙත් වසර 30කට පසු දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තුන්වන එක්දින තරග 2ම ජය ගනිමින් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණට පැමිණ තරගාවලි ජයග්‍රහණයක් ආසන්නයට පැමිණ සිටිනවා.
පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වෙද්දී දෙවැනි තරගයෙන් ලකුණු 26 ක හා තෙවන තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (21 දා) ආරම්භ
වන සිව්වැනි එක්දින තරගයට අවතීර්ණ වන්නේ දැඩි ආත්ම විශ්වාසයකින්.
හෙට තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමේ අවකාශ උදාවනවා සේම වසර 30 කට පසු පළමු වතාවට ‘කැන්ගරුවන්ව’ සිය මවුබිමේදී පළමු වතාවට පරාජය කිරීමටද සමත්වනු ඇති.

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි