ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි එක්දින තරග පිට පිටම ජය ගනිමින් ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරගාවලි ජයග්‍රහණයක අභිමුවට පැමිණ සිටිනවා.
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තම මව්බිමේදී එවැනි දස්කමක් දක්වා ඇත්තේ දශක 3 කට අධික කාලයකට
පසුවයි.
1992 වසරේදී අර්ජුන රණතුරංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම, ඇලන් බෝඩර්ගේ නායකත්වයෙන් යුතු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරග 2 පිට පිට ජය ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 30 කට අධික කාලයක දී ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව සිය මව්බිමේදී පිට පිට එක්දින තරග 2 ක් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපොහොසත් වුණා.
එහෙත් වසර 30කට පසු දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි සහ තුන්වන එක්දින තරග 2ම ජය ගනිමින් තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණට පැමිණ තරගාවලි ජයග්‍රහණයක් ආසන්නයට පැමිණ සිටිනවා.
පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානුවන් සමත් වෙද්දී දෙවැනි තරගයෙන් ලකුණු 26 ක හා තෙවන තරගයෙන් කඩුලු 6 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට (21 දා) ආරම්භ
වන සිව්වැනි එක්දින තරගයට අවතීර්ණ වන්නේ දැඩි ආත්ම විශ්වාසයකින්.
හෙට තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමේ අවකාශ උදාවනවා සේම වසර 30 කට පසු පළමු වතාවට ‘කැන්ගරුවන්ව’ සිය මවුබිමේදී පළමු වතාවට පරාජය කිරීමටද සමත්වනු ඇති.

තලල්ලේදී සොයාගත් අයිස් සහ හෙරොයින් ප්රමාණය කිලෝග්රෑම් 561කට වඩා අධිකයි
රජයේ PHP වෙබ් අඩවි ගැන අමාත්යාංශයෙන් දැනුම්දීමක්
මන්නාරමේදී යුද හමුදා රථයක් අනතුරට! සෙබළෙක් මරුට තවත් 11කට තුවාල!
ජනපති රෝහල්ගත කළ බවට පළවන පුවත ගැන දැනුම්දීමක්
මහේලගෙන් හිස්වූ තනතුර කිරන් පොලාඩ්ට
වාහනය අවභාවිත කළ හිටපු ඇමති ෆවුසි පුවත්පත් දැන්වීමකින් ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ගනී
යුද හමුදා නව මාණ්ඩලික ප්රධානී පත් කෙරේ
“රටට යහපතක් වෙනවා නම් දින 500ක් වුණත් සිරගතව ඉන්න සූදානම්” – නාමල් රාජපක්ෂගෙන් විශේෂ ලිපියක්
ගුරු පුරප්පාඩු පිරවීම ගැන විශේෂ පැහැදිලි කිරීමක්
නොරොච්චෝලේ ජනන යන්ත්ර 3ම නැවතත් සක්රීය තත්ත්වයට
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
රාජ්ය සේවක වැටුප් ගැන ජනපතිගෙන් ප්රකාශයක්